අංශභාගයෙන් වැළකී සිටිය හැකියි ද ?
රුධිරය තුළ ඇති අහිතකර ට්රයිග්ලිසරයිඩ් මේද ප්රමාණය ඉහළයාම නිසා මේ රෝගී අවධානම වැඩි වේ. මේ නිසා ඒවා රුධිර නාළ තුළ තැන්පත් වී මාර්ගය අවහිර වීම නිසා මෙවැනි තත්ත්ව උදාකරයි . හරක් මස් , ඌරු මස් ,බටර් ,එළුමස් ,චීස් , මේදය සහිත කිරි තෙල් බැදුම් සහිත ආහාර ,සංතෘප්ත මේද සහිත ආහාර සීමා කිරීමමගින්න් අංශභාග අවධානම අඩු කරගත හැකියි .
මේ රෝගය මඟින් වැඩි බලපෑමක් ඇති වනුයේ සිරුරේ වැදගත්ම අංගයක් වන මොළයයි .මෙම මොළයේ මස්තිෂ්කය ප්රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. මොළයේ යම්කිසි ප්රදේශයකට රුධිර සැපයුම , ග්ලුකෝස් හා ඔක්සිජන් සැපයුම නතර වුවහොත් මෙවැනි ආබාධිත තත්ත්වයකට පත්වෙනවා සේම පෙර දක්වන ලද ආකාරයට 80% ක්ම මේ සඳහා හේතුවන්නේ මොළයේ යම්කිසි ප්රදේශයකට රුධිරය සපයන රුධිරනාළයක් හදිස්සියේ පුපුරා යාමයි . මේ තත්ත්වය අතිශය විරල වුවත් වඩාත් භයානක තත්ත්වයක් ලෙස සලකයි. මෙවැනි තත්වයක් ඇති වී ටික වෙලාවකින් මොළයේ සෛල හැකිළීී මැල වී ගොස් මරණයට පත් විය හැකි .
රෝගය වැළදීමට පෙර පවතින රෝග ලක්ෂණ
- අධි රුධිර පීඩනය
- මන්ද රුධිර පීඩනය
- අධික හිසරදය
- ඇසක හෝ ඇස් දෙකේම පෙනීම අඩු වීම
- හෘදයේ වේදනා අපහසු වීම
- සමබරව සිට ගැනීමේ අපහසුතාව
- ආහාර ගිලීමට අපහසුතාවීම