ඔබත් නහර ගැට නොගැසෙන්න මේ යෝග ආසනය කරන්න
යෝගා ආසනවල හොදම ආසනය ලෙස සැලකෙන්නේ සර් වාංගාසනයයි . සර් වාංගාසනයේදී නිකට පපුවට තද වේ, තයිරොයිඩ් සහ පැරා තයිරොයිඩ් ග්රන්ථිවලින් ශරීරයට අත්‍යවශ්‍ය හෝර් මෝන නිකුත් කරනවා සෛල අලුත්වැඩියා වනවා කියන්නේ සිරුර තරුණ වීමයි .ඒ නිසා වියපත් වුණත් තාරුණ්‍යයෙන් පිරුණු රුවකට හිමිකම් කීමට කැමති කාන්තා පක්ෂයට නම් මෙය කියාපු යෝග ව්‍යායාමයක් ගෙල සහ උරහිස් පෙදෙස අපේ සිරුරේ වැඩියෙන්ම ආතතියට පත්වන තැන් තුනයි. අධි රුධිර පීඩනය ඇත්නම් තත්පර 30 ට වඩා මේ අසුනේ රුදී සිටීම නුසුදුසු බව යෝගා උපදේශකයන් පෙන්වා දේ . කාන්තාවන්ට ඔසප් කාලයේදී වැඩි කාලයක් රුදී සිටීම සුදුසු නැහැ එවිට සිටිය යුත්තේ ( තත්පර 15 – 30 වැනි කෙටි කාලයක් ) ඒ කාලයේදී මේ අසුනේ යෙදීම තමන්ට අපහසු නම් එවැනි දිනට සර් වාංගාසනයේ යෙදෙන්න එපා. බෙල්ලේ අපහසුවක් ඇති අය සර් වාංගාසනයේ යෙදිය යුත්තේ තුවායක් නවා බෙල්ලේ යටින් තබා ගෙනයි .
අලුතින්ම මේ යෝගා ආසනයේ යෙදෙන්නාන් මුලින්ම යෝගා පැදුරක (යෝගා මැටි ) හොදින් දිගා වේලා අත් දෙක සිරුර දෙපස තබා ගන්න , අල්ල පහළට වන්න තියාගන්න ,දෙපාවල දණිස් හොදින් ළංවී තිබිය යුතුයි . සිරුර ඇද නොවන ලෙස තබාගන්න මතක තබා ගත යුතුයි . වැළමිට දෙකට දෙපැත්තට වන්න නොදී හොදින් ඇතුළට කර ගන්න. දෙපාවල ඇඟිලි හරියටම නළල කෙළින් තිබිය යුතුයි.