ඔබ දන්නවාද වාෂ්ප ස්වේද නොහොත් Steam Bath ප්‍රතිකාරය ගැන
“සියලු රෝග ඇතිවන්නේ මන්දග්නිය හෙවත් අඩු වූ අග්නිය හේතුවෙනි ” යන ආයුර් වේදීය සිද්ධාන්තයට අනුව අප ගන්නා ආහාරයෙහි නොදිරවූ කොටස “ආම රසය ” වාත ,පිත ,කළු යන ත්රිදෝෂය හා බැඳී එම දුෂීත වූ ත්රිදෝෂය ශරීරයෙහි ක්‍රියාත්මක වීමෙන් ශරීරය රෝගී බවට පත් කරයි . දණහිස් වළලු කර ආදී සන්ධි වේදනා ,පක්ෂ ඝාතය, අම්ල පිත්තය ,අධික රුධිර පීඩනය ,මධු මේහය , ස්ථුල බව ,ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම ආදී නා නා විද වූ රෝගයක් ඇති වීම කෙරෙහි මන්දග්නිය නිසා ආමය මූලික සාධකය බව පැහැදිලි වේ . මෙම ආම රසය ශරීරයෙන් ඉවත් කිරීමේ බොහෝ ප්‍රතිකාර ක්‍රම ආයුර් වේදය සතුය . දිගු කාලීන ප්‍රතිඵල සහිත වාෂ්ප ස්වේදය (Steam Bath) ඉතා විශිෂ්ට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකිය . පුරාණ ශ්රීක හා රෝම ශිෂ්ටාචාරවලද පොළෝ පත්ලෙන් උපදින උණුසුම් ඒකාකාර වායු ධාරාවක් යොදා ගනිමින් මෙම වාෂ්ප ස්වේදය සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
වාෂ්ප ස්වේදය යනු කොහොඔ ලීයෙන් තැනු විශේෂිත වූ ස්වේදව යන්ත්‍රයක් තුළට රෝගියා ඇතුළු කර දහඩිය ඇතිකරන ද්‍රව්‍ය කෂාය කර එම කෂාය වාෂ්පය රෝගියාගේ සිරුරට වැදීමට සැලැස්වීම මෙහිදී සිදුවන ක්රියාපිළිවෙලයි .ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර රෝගියාගේ හෘද ස්පන්දනය ,රුධිර පීඩනය ,දේහ උෂ්ණත්වය බර සහ අනෙකුත් රෝග තත්ත්වයන් පිළිබද පරීක්ෂාවක් වෛද්‍යවරයා විසින් සිදු කරයි . රෝගියා විශේෂිත වූ වාෂ්ප ස්වේද යන්ත්‍රය තුළට ඇතුල් කර හිස පිටතට සිටින සේ විනාඩි 30ක් 45 ක් අතර කාලයක් ඖෂධ ද්‍රව්‍ය තැම්බූ කෂාය වාෂ්පයට සිරුරට වැදීමට සලස්වයි .

වාෂ්ප ස්වේදය සිරුරේ ක්‍රියාකාරිත්වය සඳහා බලපාන්නේ කෙසේද ?
හිසට තෙල් යොදා සම්බාහනයෙන් හිස් කබලේ රුධිර සැපයුම වැඩිවීම මගින් හිසකෙස්වලට පෝෂණයක් ලැබීම හා හිස කැක්කුම සඳහා සුවයක් ලැබීම ,සමෙහි රුළි ගැසුණු ස්වාභාවය හා වියළි ස්වාභාවය නැති වී යයි . සියලු අභ්‍යන්තර සෛල හා අභ්‍යන්තර ඉන්ද්රියයන් උත්තේජනයෙන් දේහ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වේගවත් වේ. මෙම පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය හේතුවෙන් සෛලවල එකතු වී ඇති විෂ ද්‍රව්‍ය ( Toxins ) අධික දහඩියත් සමග දේහයෙන් වාෂ්ප වී යාම සිදු වේ. හන්දිපත් වේදනාව මස්පිඬු වේදනාව , ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන්ගෙන් සහනය ,සන්ධිවල තද බව නැතිවීම ,උදරය , නිකට තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය වී ශරීර ස්කන්ධය අඩු වීම , හිසේ බර ගතිය ඉවත් වීම ,වසාපද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිවීම . SteamBath වලදී යොදා ගන්නේ උණුසුම් වාෂ්ප වන නමුත් ආයුර් වේදීයව ඒ සදහා භාවිතා කරන්නේ ඖෂධීය තෙල් වර් ගයි .