නව යොවුන් වියේ පිරිමි දරුවන් ස්වයං වින්දනයේ යෙදීම අතිශය සාමාන්‍යයි.
අවුරුදු 11 -19 ත් අතර කාලවකවානුව දරුවන්ගේ වර්ධනයේ සුවිශේෂී කාල වකවානුවක් වශයෙන් හඳුනාග හැක.මේ කාලයේදී ඔවුන් තුළ ඇතිවන හෝර්මෝනවල බලපෑම හේතුවෙන් කායිකව මෙන්ම මානසිකව ද වෙනස්කම් රැසක් ඇති කරයි.මෙය දරුවෙකුගේ වර්ධනයේ සංක්‍රාන්ති කාලයක් ලෙසද හැඳින්විය හැක. ගර්භයේ හැදෙන කාලයෙන් සහ පෙර පාසල් අවධියෙන් පසුව ඉතා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන කාලය මේ අවධිය බවද අපට හඳුනාගත හැක. යම්හෙයකින් ගෙවී ගිය අවධියේ දරුවාගේ පෝෂණයේ යම් අඩුපාඩුවක් වී තිබුණේ නම් එය මඟහරවා ගැනීමට ද මෙය හොඳම අවධියක් වශයෙන් හඳුනාගත හැක.
දරුවාගේ පෝෂණ අවශ්‍යතා
මේ අවධිය දරුවකු හොඳින් පෝෂණය ලැබිය යුතු අවධියකි. උසස් අධ්‍යාපනය ලබන අවධියේ දරුවාට අවශ්‍ය කායික මානසික ශක්තිය නව යෞවන අවධියේදීම දරුවාට ලබා දීම ඉතා වැදගත් වේ. එහිදී මස් මාංශ කිරි, බිත්තර ඇතුළත් හොඳ ආහාර දරුවාට ලබාදිය යුතුය.ආහාර සමඟ නිරෝගි කායික මානසික තත්ත්වයක් සඳහා අත්වැල් බැඳගන්නා අනෙක් සාධකය නම් ව්‍යායාමය. මේවා සියල්ල දරුවෙකුට තනිව අත්පත් කරගත නොහැකි අතර පවුල තුළින් සහයෝගය මඟපෙන්වීම ලැබිය යුතු තත්ත්වයන්ය. ඒ සඳහා පවුලේ වෛද්‍යවරයාගෙන් සහාය ලබා ගැනීමට පුළුවන. මෙවැනි දැනුවත්වීම් හරහා ද ඔබට දරුවාට අවශ්‍ය මඟපෙන්වීම කළ හැක.
කායික වෙනස්කම්
නවයොවුන් වියේ පිරිමි දරුවෙකු තුළ ඇතිවන කායික වෙනස්කම් අතර ලිංගේන්ද්‍රියේ වර්ධනය, ඒ ප්‍රදේශය අවට හා පපුව ප්‍රදේශයේ රෝම වර්ධනය හඳුනාගත හැක. ඒ වර්ධනය ස්වභාවික බව දරුවාට කියා දීම බොහෝ වැදගත් වේ.මේ අවධියේදී දරුවාට මිතුරකු වීම හරි වැදගත්. දරුවාට මිතුරකු වීමෙන් දරුවාට බලපෑ හැකි ගැටලු හෝ උවදුරු බොහොමයකින් මුදවා ගැනීමේ හැකියාව පවතී. මිතුරකු නොවන කෙනෙකුට දරුවකු ප්‍රශ්නයක් ගැටලුවක් ඉදිරිපත් නොකරයි. මිතුරකු වීම හරහා දරුවාට කායිකව, මානසිකව ඇතිවන වර්ධන ගැටලු මෙන්ම බාහිර පරිසරයෙන් එල්ල විය හැකි ගැටලුවලට ද යහපත් විසඳුම් ලබාදිය හැකි වේ.
කටහඬේ වෙනසක්
සාමාන්‍ය ව්‍යවහාරයේ උගුරු දණ්ඩ කැඩී යාම ලෙස හඳුනාගන්නේ මේ තත්ත්වයයි. මේ වෙනස්කම් සමඟ තාවකාලිකව කටහඬේ වෙනස්කමක් එනම් කාන්තා කටහඬක් ඇතිවිය හැකිය. (මෙය තාවකාලිකය) එසේම ලිංගික ප්‍රදේශයේ වර්ධනයත් සමඟ තමන්ගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කරමින් යොවුන් දරුවා ස්වයං වින්දනයක් ලැබිය හැකි වේ. වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් චකිතයට කලබලයට පත්විය හැකි නමුත් මෙයද ස්වභාවික තත්ත්වයක් වශයෙන් වටහා ගැනීම වැදගත්ය.
ස්වප්න මෝචනයස්වප්න මෝචනය
සිහිනයෙන් ධාතු පිටවීම (ස්වප්න මෝචනය) යොවුන් දරුවන් කලබලයට පත් කරන තවත් කරුණකි. මෙයින් ඇඟ කෙට්ටු වීම හෝ මොළයේ වර්ධනයට බාධාවක් ඇති වේ යැයි මතයක් ද පවතී. මෙයද වැරදි අදහසකි. එවැනි දෙයක් සිදු නොවන අතර එය බිය වීමට කරුණක් නොවේ.ලිංගික ප්‍රදේශය තෙත්වීම ලිංගික උද්දීපනය සමඟ සිදුවන දෙයකි. එය ගැටලුකාරී තත්ත්වයක් වශයෙන් සැලකිය යුත්තේ දුගඳක් හේ දුර්වර්ණයක් පවතී නම්ය. ලිංගේන්ද්‍රිය ප්‍රමාණයෙන් විශාල වීම, වෘෂණ විශාල වීම මේ අවධියේ වර්ධනයත් සමඟ සිදුවන අනිකුත් තත්ත්ව වේ.
කුරුළෑ

මෙය ස්වභාවික තත්ත්වයකි. යෞව්වනෝදය සමඟ ඇතිවන රෝගී තත්ත්වයක් ලෙසට ද අපට මෙය හඳුනාගත හැක. දහදිය දැමීම මේ අවධියේ යෞව්වනයන්ට ඇතිවන තවත් ගැටලුකාරී තත්ත්වයකි. නමුත් දහදිය පිටවීම ස්වභාවික තත්ත්වයක් වන අතර, දුඟදක් ඇති වනවා නම් යම් ආලේපන මඟින් එය මඟහරවා ගැනීමේ හැකියාව පවතී. එසේම කිහිලි ආශි‍්‍රත රෝම රේසරයක් ආධාරයෙන් කපා එම ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීමෙන් බැක්ටීරියා වර්ධනය වළක්වා ගත හැක.
වේගවත් සිතුම් පැතුම්
තරුණ අවධිය යනු හැඟීම් විසිරෙන පාලනය කර ගැනීමට අපහසු අවධියකි. යම් කිසිවකට ඇති නැඹුරුව සැමවිට එක් දිශාවකට පමණක් නැඹුරුව පැවතීම විශේෂත්වයකි. එබැවින් මේ අවධියේ ඔවුන්ගේ සිතුවිලි සමඟ ගනුදෙනු කිරීමේදී ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත්ය. එවැනි ගැටලු පාලනය කිරීම ආධිපත්‍යය යොදා බලහත්කාරයෙන් කළ නොහැකිය. විශේෂයෙන් මේ සංක්‍රාන්ති සමයේ ඔවුන් හුදෙකලා නොකිරීම ඉතා වැදගත්ය. විශේෂයෙන් යොවුන්වියේ දරුවන් කැමති නව ප්රවනතා විලාසිතා සැමවිටම හෑල්ලුවට ලක් නොකළ යුතුය. නව විලාසිතා අත්හදා බැලූ පමණින් දරුවා නරක දරුවකු යැයි නිගමනය කළ නොහැක.
ඇබ්බැහි වීම
ගණන් නොගැනීම (නිසි පිළිගැනීමට ඇගයීමට ලක් නොකිරීම) හුදෙකලා වීම යෞව්වන වියේදී අත් නොවිඳිය යුතු අත්දැකීම්ය.එවැනි අත්දැකීම් දරුවන්ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි භයානක අනාගත උවදුරුවලට ගොදුරු කළ හැක. නැතිනම් වෙනත් සමාජ විරෝධි හෝ හිංසාකාරී ක්‍රියාවලට පෙළඹීමට මෙවන් වේදනාකාරී අත්දැකීම් ඔවුන්ට බල කළ හැක. එබැවින් යොවුන්වියේ උපදේශනය වැදගත් බව සැලකිය යුතුය. මවුපියන්, පවුලේ වෛද්‍යවරයා මෙන්ම පවුල් සෞඛ්‍ය නිලධාරින් මඟින් ඒ සඳහා මනා සහයක් ලබා ගත හැක.
විරුද්ධ ලිංගික ආකර්ශනය
මෙය ස්වභාවිකය. මෙවැනි තත්ත්වලිදී අනවශ්‍ය ලෙස කලබල වීමට හෝ දරුවා සමඟ ගැටුමකට නොයෑම වැදගත්ය. නෙතඟ බැලුම් මේ අවධියේ ස්වභාවිකය. මිතුරකුසේ දරුවාට සමීප වී නැණවත්ව එවැනි ගැටලු විසදා ගැනීම වැදගත්ය.