පමණ ඉක්මවුවහොත් අක්මාවට හානි
සුලබ ඖෂධයක්
පැරසිටමෝල්වේදනා නාශකයක් ලෙස භාවිතා කරන සුලබ ඖෂධයකි. හොඳින්හදුනන නිසා කිසිදු චකිතයකින් තොරව ඕනෑම මොහොතක ඕනෙම අයකු භාවිතා කිරීමට ද පෙළඹී සිටින අංක එකේ සුලබ ඖෂධයකි.
අධි මාත්‍රාව සිරුරට විසයි
වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසියෙන්, සිල්ලර කඩයෙන් ලබා ගත හැකි පැරසිටමෝල් පමණ ඉක්මවා නැතිනම් අධි මාත්‍රාවෙන් ගැනීම හානිකර තත්ත්ව රැසක් ඇති කිරීමට සමත් වේ. එය පමණ ඉක්මවා ගැනීමෙන් උග්‍ර ලෙස විෂ ශරීරගත විය හැක.
අක්මාවට හානි විය හැකියි
මෙය සිදුවිය හැක්කේ කෙසේද? නියමිත මාත්‍රාවට අදාළව පැරසිටමෝල් ගැනීමේදී ඉන් ඇතිවන විෂ අක්‍රිය කිරීමට අක්මාවට හැකියාවක් තිබේ. නමුත් මාත්‍රාව ඉක්මවා ගියවිට මේ කාර්යය සිදු කිරීමට අක්මාවට හැකියාවක් නැත.මේ හේතුවෙන් යම් විටෙක අක්මාවට දරුණු ලෙස හානි වීමේ හැකියාවක් ඇත. එමඟින් පුද්ගලයකු මරණයට පවා පත් වීමේ හැකියාවක් පවතී.
නිවැරදි මාත්‍රාවෙන් ලබා
ගන්න
වඩා වැදගත් වන්නේ පැරසිටමෝල් ගන්නා කාලසීමාව නොව ලබා ගන්නා මාත්රාවයි. මාත්‍රාව තීරණය වන්නේ පුද්ගලයකුගේ වයස අනුව නොව බර අනුවය. ඒ නිසා නිවැරදි මාත්‍රාවෙන් වෛද්‍ය උපදෙස් අනුව පැරසිටමෝල් අවශ්‍ය අවස්ථාවලදී ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවේ.සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක් බර පුද්ගලයකුට පෙති 2 බැගින් දිනකට තුන් වතාවක් පැරසිටමෝල් ලබාගත හැකිය. නමුත් මේ ප්‍රමාණය ඉක්ම වූ කල ගැටලුකාරී තත්ත්ව ඇති කළ හැකි වේ.
විවිධ නම් වලින් පැරසිටමෝල් ඖෂධය වෙළඳපලේ
විශේෂයෙන්ම වෛද්‍යවරයා නිර්දේශ කරන සමහර ඖෂධවල පැරසිටමෝල් අඩංගු විය හැක. නමුත් බොහෝ රෝගීන් මෙය නොදනී.