මන්ද පෝෂණය නිසා ඇතිවන මාන්දම
මෙය කුඩා දරුවන් අතර පෝෂණ ඌනතාවය සම්බන්ධව ඇතිවන රෝග තත්ත්වයක් කුඩා අවධියේ දරුවකුගේ කායික හා මානසික වර් ධනය ශීඝ්රයෙන් සිදුවන කාලය ලෙස හඳුන්වා දිය හැකියි. බොහෝ දරුවන් කුඩා අවදියේ මව් කිරට ඇලුම් කරන නිසා ආහාර ගත යුතු අවදියේදී ආහාර ගැනීමට මැලිකමක් දක්වන අතර මේ රෝගයට ගොදුරුවීමට එය ප්රබල හේතුවක් බවට පත්වේ. ආයුර් වේදයේ සඳහන් වන අන්දමට දරුවාගේ දත් එන කාලයේ දී කන බොන ආහාර පානවලට ක්රමයෙන් යොමු කිරීමෙන් මේ රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ අවමකර ගත හැකියි. මෙම රෝගයට ගොදුරු වුණ අයගේ කුසගින්න විවධ ආකාරයි . ඒ වගේම ඉතාමත් තියුණු අන්දමින් කුස ගින්න දැනෙන අතර කෙතරම් අහාර ගෙන එය දිරවීමට ලක් වූවත් ශරීරයට උරා ගැනීමක් නැත . ගොදුරු වුණදරුවාට දැඩිලෙස කේන්ති යන සුළු දේකට පවා අඬනවා ඒ වගේම ක්රියාශීලි භාවය අඩුයි .