අම්මා තරබාරු නම් දරුවන්ටත් ලෙඩ
ගැහැණු ළමයකුට වැඩි පෝෂණයක් අවශ්‍ය කුඩා වියේ සිටයි . ඊට හේතුවහෝ ඇය මවක් වෙන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වීම ඇයට වගේම ඇයගේ කුසෙහි වැඩෙන දරුවාටත් අත්‍යවශ්‍ය නිසයි . ආහාර අවශ්‍ය තරමට ගැනීමට බාධා කරන Bulimia nervosa වැනි තත්ත්වය කාන්තාවන්ගේ සරු බවට බාධාවකි . පෝෂණය අඩු ආහාර ගැනීම වගේම වැඩි පෝෂණයකින් යුත් ආහාර ගැනීම සුදුසු නොවන්නේ තරබාරුකම නිසාද මවට වාගේම දරුවාටත් විවිධ ගැටලු ඇතිවන නිසයි .
විශේෂයෙන්ම ගැටවර වයසේ පසු වන තරබාරු මවුවරුන්ගේ දරුවන් ඇදුම රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩක් පවතී. සමබල ආහාර ගැනීමේ තවත් අවශ්‍යතාවක් වන්නේ පිළිසිඳ ගැනීමක් සිදු වන්නට ආසන්නව මල්ටි විටමින් දිනපතා ගැනීමෙන් අඩු බර දරුවන් ඉපදීමට තිබෙන අවස්ථාව ද අඩු කර ගත හැකියි .මේ අනුව ෆෝලික් අම්ලය මෙන්ම මල්ටි විටමින් ද ගැබිනියක වීමට ආසන්න කාන්තාවන් විසින් ගත යුතුයි . පිළිසිඳ ගැනීමට ගැනීමට පෙර හා පසු මල්ටි විටමින් ගැනීමෙන් Pre – eclampsia නම් මවගේ හා දරුවාගේ ජීවිතවලට තර්ජනයක් එල්ල කළ හැකි රෝගී තත්ත්වයෙන් ද ආරක්ෂා විය හැකියි .
අන්තර් ජාලය ඇසුරෙන් .