දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළ යුතු දේ ගැන ඔබ දන්නවාද ?
ගොඩක් වේලාවට වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන් තමයි මේ වගේ දේවල් සිරකර ගන්නේ .නාසයේ මොනා හරි හිරවෙන එක භයානක වෙන්නේ ඒ නිසා දරුවාට හුස්ම ගැනීම අපහසු වෙන්න පුළුවන් , ආසාදන තත්ත්ව ඇති වේ. දරුවා වැඩිපුර නහයට දාගන්නේ කුඩා සෙල්ලම් බඩු , මකන කෑලි , ටිෂු , ක්ලේ ,කුඩා ගල් ,කුඩා බැටරි, Button Batteries වැනි දේවල්ය . පැය 4 ක් වගේ කෙටි කාලය ඇතුළත ඉවත් කරේ නැත්නම් දරුවාගේ ශ්වසන මාර් ගයට හානි වීමේ අවධානමක් ඇත.
දරුවා නාසයේ යමක් සිර කරගෙන කියලා සැක කරන්න පුළුවන් ලක්ෂණ
- නාසයේ යම් ස්රාවයක් නිකුත් වීම , ස්රාවය අළු පැහැති හෝ ලේ මිශ්ර ස්රාවයක් වෙන්න පුළුවන්
- හුස්ම ගැනීමේ අපහසුතා හෝ හුස්ම ගන්න ශබ්දයේ වෙනසක් ,නාසයේ සිරවී ඇති දේ නිසා ශ්වසන නාළය අවහිර වීම .

වැදගත් දේ කලබල වෙන්න එපා ඔබ කලබල බව දරුවා දැක්කොත් දරුවා කලබලයට පත්වේ . එකම ප්රතිකාරය වන්නේ නාසයේ සිරවී ඇති දේ ඉවත් කරන එක වයසින් වැඩි දරුවෙක් නම් හුස්ම එළියට පිඹින්න . ඔබේ කට දරුවාගේ කට හොඳට සීල් වෙන ලෙස තබාගෙන එකවර ටිකක් තදට දරුවාගේ කටට පිඹින්න . ඒ ක්රමය අසාර් ථක වූවොත් ළඟම තියෙන රෝහලකට ගෙන යාම. නාසයෙන් හුස්ම ගැනීමෙන් සිරවෙලා තියෙන දේ තවත් ඇතුළට යාම ඉඩ වැඩියි .
උපුටා ගැනීමක් …………………….
එදිරිසිංහ පේරාදෙණිය ශීක්ෂණ රෝහල