Articles

Healerlk

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන දියවැඩියාව
බොහෝ බෝනොවන රෝග මෙන්ම දියවැඩියා රෝගය ද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි.නමුත් රෝගය උත්සන්න වූ විට පිපාසය, වැඩි වශයෙන් මුත්‍රා පිටවීම , සුව නොවන තුවාල ආදිය ඇතිවේ.කෙසේ වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවස්ථාවලදී රෝගීන් දියවැඩියා රෝගී තත්ත්වය නොසලකා හරින අවස්ථා ද බොහොමයි.එවන් අවස්ථාවලදී ශරීරය අනෙකුත් ඉන්ද්‍රයන් විවිධ ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දෙනු ලැබේ.දියවැඩියා රෝගයේදී ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරනු ලබන්නේ රුධිර නාලවලටයි.රුධිර නාල සියුම් සහ විශාල ලෙස වර්ග දෙකකි.මෙම රෝගීන්ගේ රුධිර නාල අවහිර වීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි.විශාල රුධිර නාල අවහිර වීමෙන් හෘදයාබාධ ,අංශභාගය වැනි තත්වයන් ඇති වේ.එසේම කුඩා රුධිර නාල අවහිර වීමෙනන් ඒහා සම්බන්ධ අවයව අකර්මණ්‍ය වීම බොහෝ දුරට සිදුවේ.එවැනි අවයව අතර ඇස, වකුගඩු හා ස්නායු ප්‍රධාන වේ. හෘදය හා මොළය විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ රුධිර නාල අවහිර වීම දියවැඩියාවේ ඇති භයානකම සංකූලතාවයි.මෙහිදී සිදුවන්නේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වී රුධිර ගමනාගමනයට බාධා ඇතිකරයි.ඒ නිසා දියවැඩියා රෝගීන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු හෝ සාමාන්‍ය අගයක පැවතියද ඔවුන්ගේ රුධිර නාල රුධිර නාල අවහිර වීමේප්රවණතාව ඉතා ඉහළය.එසේ අවහිර වූ රුධිරනාල මත රුධිර කැටියක් සිරවීමෙන් හෘදයාබාධ මෙන්ම ආඝාතය (Stroke) වැනි තත්ත්ව ද ඇතිවිය හැකියි. ඇස දියවැඩියාව නිසා ඇසට සිදුවන බලපෑම ඉතා භයානකය.එහි භයානක බව කෙතරම් ද යත් ලෝකෙ අන්ධ භාවයට බලපාන ප්‍රධාන සාධකය දියවැඩියාව බව හඳුනාගෙන තිබේ. රෝගය උත්සන්න වී අන්ධ වීමට ආසන්නය දක්වාම රෝගියාට මේ පිළිබඳ කිසිදු දැනුවත් දැනුවත් වීමක් නොලැබෙයි.ඊට හේතුව ඇසේ තිබෙන රුධිර නාලිකා විනාශ වී අවසාන අවස්ථාවට පත්වන තුරුම පෙනීමේ වැඩි වෙනසක් ඇති නොවේ.මෙසේ කාලයත් සමඟ රුධිර නාල අසාමාන්‍ය වී ඒවා පුපුරා ගොස් රුධිර වහනය වීම ,ඇසේ දෘෂ්ටි විතානය ගැලවී යාමද සිදුවිය හැකියි. ඇස් බොඳවී පෙනීම, ඇස් වල චලනය අපහසුව, ද්විත්ව දුෂ්ටය ( Double Vision )ඇතිවේ.ඒ නිසා දියවැඩියා රෝගීන් වසරකට වරක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා තමන්ගේ අක්ෂි පරීක්ෂාව සිදු කර ගැනීම වැදගත්.එසේ පූර්ව අවස්ථාවේදීම මෙම තත්ත්වය හඳුනාගතහොත් පෙනීම නැති වී යාමට පෙර විවිධ ප්‍රතිකාර මගින් සංකූලතා වළක්වා ගත හැකියි. පාද ආශ්‍රිතව ඇතිවන සංකූලතා දියවැඩියා රෝගීන්ගේ පාදවල සුව නොවන තුවාල ඇතිවීම ඉතා භයානක […]

සීනි විස ඇයි කියලා ඔබ දන්නවාද ?
සීනි ප්‍රධාන වශයෙන් ග්ලූකෝස් සහ ෆෘක්ටෝස් වැඩි වීම මයිට්‍රොකොන්ඩ්‍රියල් අක්රීයතාවයට […]

වයස අවුරුදු 10 සම්පූර්ණ වූ ගැහැණු දරුවන්ට ලබා දෙන අනිවාර්යය එන්නත
කාන්තාවන් අතර සුලබ ගැබ්ගෙල පිළිකා වැලැක්වීම සදහා ලබාදෙන එන්නත හියුමන් […]

පිළිස්සුම් කැළැල් මැකිය හැකිද ?
ඔබේ පිළිස්සුම් කැළැල් කල්ගතවූවකි . මෙය කල්ගතවූ කැළැලක් නිසා […]
Editors’s Picks
Our best articles hand-picked by the editor