කෙළ බිඳිතිවලින් ව්‍යාප්ත වන පැපොල
පැපොල වෛරසය මඟින් ඇතිවන රෝගයක් ඒ සඳහා ද එන්නත් පැවතුණත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට ඇතුළත් වී නොමැත. නමුත් මාපියන්ගේ කැමැත්ත මත පුද්ගලික අංශයෙන් මෙය ලබා ගැනීමට හැකියාවක් ඇත. කුමන වයසකදී ලබා ගත්තාද ගැටලුකාරී නොවන අතර මාත්‍රා දෙකක් වශයෙන් එය ලබා ගත යුතුයි. නමුත් වැඩිහිටියන්ට සහ දරුවන්ට පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබාදෙන කාල පරතර එකිනෙකට වෙනස් වේ. වැඩිහිටියෙක් නම් පළමු මාත්‍රාව ලබාදෙන කාල පරතර එකිනෙකට වෙනස් වේ. වැඩිහිටියෙක් නම් පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබා ගත යුත්තේ සති 06 ත් 08 ත් අතරදීය .
නමුත් දරුවන්ට ඊට වඩා දිගු කාලයකින් පසුව දෙවන මාත්‍රාව ලබා දිය යුතුයි. සාමාන්‍යයෙන් රුබෙල්ලා තරමින්ම භයානක නොවුණත් ගර්භණි අවස්ථාවේදී ඇති වූවොත් පැපොල රෝගය මඟින් දරුවාගේ කලලයේ යම් යම් විකෘතිතා ඇති වීමේ අවධානමක් තිබේ . ඒ නිසා දරුවන් වූවත් වැඩිහිටියන් වූවත් ජීවිතයේ විවිධ කඩයිම් අවස්ථාවලදී උදාහරණ ලෙස අධ්‍යාපන තරඟ විභාග , විවාහය ආදී ) මෙම රෝගයට ගොදුරු වීම ගැටලුකාරී බැවින් තරමක් මිලෙන් අධික වූවත් එය ලබා ගැනීම ඉතා වැදගත්. මෙය කෙළ බිඳිතිවලින් ව්‍යාප්ත වන අතර වායු සමීකරණය කරන ලද විශාල පිරිසක් රුදෙන රුකියා ස්ථානවල එක් අයකුට වැළඳුනොත් පෙර නොවැළඳුණු හෝ එන්නත් ලබා නොගත් අයට පහසුවෙන් වැලදීමේ අවධානමක් පවතියි .