ඔබත් ගංවතුරින් පීඩාවිදි අයෙක් නම් මේ ගැන විශේෂ අවදානයක් දෙන්න

 පානීය ජල ගැටලු

සෑම විටම පිරිපහදු කළ ජලය, උණුකර නිවාගත් ජලය, බෝතල් කල ජලය පානය කරන්න. ( ළිං, උල්පත්, ගංගාවලට මිනිස් මලපහ, සත්ත්ව මලපහ, කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය වැනි විවිධාකාර වු අපද්‍රව්‍ය මුසුවී තිබිය හැකිය) ඔබ පානිය ජලය ලබා ගත්තේ ළිඳෙන් හෝ උල්පතකින් නම් ඒවා අනිවාර්යයෙන්ම සෞඛ්‍යයට හිතකර අන්දමින් පිරිසිදු කළ යුතුයි . 

1. පරිහරණයට නුසුදුසු ජලය

 ඉහත දැක්වූ පරිදිම ගංගා, ඇළදොළ, ළිංවල ජලයට අපද්‍රව්‍ය එක්වීම නිසා පරිහරණයට නුසුදුසු ජලය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ජල ප්‍රභව පිරිසිදු කිරීමට ක්ලෝරින් යොදා ගන්න. ඔබට ක්ලෝරින් හා උපදෙස්  අවශ්‍ය නම් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය නිලධාරීවරයාගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලබා ගත හැකිය මෙහිදී ජලාප්‍රවාහන මණ්ඩලය විසින් ඔබ ජලය ලබා ගන්නේ නම්  එම ජලය පරිහරණයට සුදුසු විය හැකියි. මන්ද එම ජලය පිරිපහදු කිරීමෙන් අනතුරුව ජල නල හරහා ඔබගේ නිවෙස්වලට ලබා දීම සිදු වේ.

ආහාර ගැටලු 

healerlk

1 .ආහාර සැකසීමට නල ජලය වුවද උණුකර නිවා ගත් ජලය භාවිත කරන්න

2.හොදින් පිසගත් ආහාර පමණක් ආහාරයට ගන්න 

3 .එලවලු, පලතුරු, පලා ජාති ලුණු මිශ්‍ර වතුරින් හෝ දෙහි මිශ්‍ර වතුරින් දෙතුන් වතාවක් සෝදා හොදින් පිරිසිදු කිරීමෙන් අනතුරුව ආහාරයට ගන්න. 

4.ආහාර සැකසීමෙන් පසු හොදින් වසා තැබීමට කටයුතු කරන්න. ( මැස්සන් නිසා )

 බෝවන රෝග 

1. පාචනය, ලේ අතීසාරය, මී උණ ( ශරීරයේ තුවාල ඇති නම් ), පණු රෝග වැනි රෝගවල ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

2. සමේ රෝග, කැසීම්, බිබිලි, පලු දැමීම් වැනි විවිධාකාර ආසාත්මිකා ඇති නම් කොහොඹ කොල, කහ  දෙහි මිශ්‍ර වතුරින් ස්නානය කරන්න. හැකියාවක් ලද සැනින් වෛද්‍ය ප්‍රතිකාරක සදහා යොමු විය යුතුයි.

3. ගංවතුර තත්ත්වය බැස යන අවස්තාවේදී විවිධ ස්ථානවල රැස් වු ජලය නිසා ඩෙංගු, හා මදුරුවන් මගින් බෝවන  රෝගද ව්‍යාප්තිය සිදුවිය හැකි නිසා ඔබගේ අවට වටපිටාව පිරිසිදු ව තබාගත යුතුයි .

4.වැසිකිලි භාවිතයේ දී උස් බිමක ඇති වැසිකිලි භාවිතයට උත්සහ කරන්න. ජලයෙන් යට වී ඇති වැසිකිලි භාවිතයට නොගන්න. වැසිකිලි භාවිතයෙන් පසු අත් සබන් යොදා හොදින් පිරිසිදු කරන්න.

කැළිකසළ හා අනෙකුත් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරමු. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත  කිරීමට උත්සහ කරමු. රෝගවලින් ආරක්ෂා වෙමු. සමාජීය වශයෙන් හා ඔබේ ආදරනීයන් වෙනුවෙන් කැප වී රෝග පීඩාවලින් ආරක්ෂා වෙමු.